ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 284යි
17 August 2026
ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 284යි
17 August 2026
සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස් කළේය.
මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සොනාල් ගමගේ විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 167කදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මානව් සුතාර් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
රවින්ද්‍ර ජඩේජා දවාගත් කඩුළු සංඛ්‍යාව 3කි.
මෙම තරගයේ පළමු ඉනිමවෙනුවෙන් ඉන්දීය පිල ලකුණු 462ක් රැස්කර ගත් අතර, ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 178ක් පසුපසින් සිටියි.

