roadBlockMobile
brand logo
logo
විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයනයට ලබාදුන් අවස්ථාව අවභාවිතා කරලා

විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයනයට ලබාදුන් අවස්ථාව අවභාවිතා කරලා

10 July 2024 | නිලන්ත මදුරාවල

මෙරටට එවන ප්‍රේෂණ අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට ලබා දුන් අවස්ථාව අවභාවිත කර තිබෙන බව අනාවරණය වී ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී අද (10 වැනිදා) පැවැසීය.


වාහන නවසියයකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ගෙන්වා තිබෙන අතර ඉන් 68%ක් ම ගෙන්වා ඇත්තේ ආයතන දෙකකින් පමණක් යැයි ද කී සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.


විදේශයන්හි සේවය කරන අයට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම සඳහා ලබාදුන් පහසුකම සම්බන්ධයෙන් විවිධ ගැටලු උද්ගත වුණා. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කමිටුවක් පත් කළා පරීක්ෂණ සඳහා. එම කමිටුවේ වාර්තාව ලැබුණා. මේ වැඩේ අවභාවිත කරලා තිබෙනවා කියලා කමිටු වාර්තාව කියනවා. මේ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එලෙස වාහන ගෙන්වීමේදී නියමිත ලෙස බදු ගෙවනවාද, ගෙන්වා ඇති වාහන නවසියයට වැඩි ප්‍රමාණයෙන් සියයට හැට අටක්ම ආයතන දෙකකින් පමණක් ගෙන්වූයේ ඇයි, ඒ සඳහා පහසුකම් සපයන්නන් පත් කර ඇත්තේ යන ප්‍රශ්න තියෙනවා. ඒ සඳහා දී තිබෙන බලපත්‍ර මගින් වාහන ගෙන්වීමේදී අය කරන සුඛෝපභෝගී බද්ද මිලියන 6 සිට 12 දක්වා වැඩි කරන්න අනුමැතිය ඉල්ලුවා. නමුත් අපි ඊට අවසර දුන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් අධික්ෂණය කරන්න කියලා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා.


සංචාරක ක්ෂේත්‍රයට වාහන අවශ්‍යයි. ඒ සඳහා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් තර තිබෙනවා. එමගින් වාහන 1000ක් ගේන්න අනුමැතිය ලබා දී තිබෙනවා. අලුත්ම කුඩා කෝච් සහ බස් රථ 250ක් වෑන් රථ 750ක් මීට ඇතුළත් වෙනවා. මෙම වාහන ගේන්න මුදල් කාරක සභාව අනුමැතිය ලබා දුන්නා.

 

More News..