නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
09 September 2026
නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
09 September 2026
නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08) උදෑසන රාගම, පොඩිවීකුඹුර ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.
එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 101 මිලිලීටර් 250ක් එනම් බෝතල් 135ක් සමඟ 51 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

