වස් කවිය ගැන බොරු වීඩියෝවට විමර්ශනයක්
27 October 2026
වස් කවිය ගැන බොරු වීඩියෝවට විමර්ශනයක්
27 October 2026
‘වස් කවියක්’ ලියූ බවට සැකපිට තරුණයකු දෙමටගොඩ පොලිසියට ගෙන්වා ප්රකාශයක් සටහන් කර ෙගන ඇති බවට අසත්ය තොරතුරු ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත පොලිස් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්රචාරණ කටයුතු කර ඇතැයි කියන නීතිඥ සුදර්ශන වික්රමරත්න, මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඊයේ (26 වැනිදා) කැඳවා ප්රකාශයක් සටහන් කර ගත් බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.

