ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්
13 November 2026
ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්
13 November 2026
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, හෙට (14) පෙරවරු 5.30 සිට නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 05ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම, දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් වේ.
එමෙන්ම, නොවැම්බර් 16 වැනිදා පමණ වන විට එය මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ද පවතින බව වැඩිදුරටත් සඳහන් වේ.


