ජේලර්ලාගේ මානසික ආතතියට අංගොඩින් ප්‍රතිකාර
10 October 2026 | ශිරාන් රණසිංහ
ජේලර්ලාගේ මානසික ආතතියට අංගොඩින් ප්‍රතිකාර
10 October 2026 | ශිරාන් රණසිංහ
මෙරට බන්ධනාගාරවල සිදු වූ කැරළිවලින් පසුව බන්ධනාගාර නිලධාරින්ගේ මානසික ආතතිය පාලනය කිරීම සඳහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය විශේෂ මානසික සෞඛ්‍ය වැඩමුළු පැවැත්වීම ආරම්භ කර ඇත.
ඒ අනුව අධිකරණ වෛද්‍ය ඒකක සම්බන්ධ කරගනිමින් බන්ධනාගාර නිලධාරින් 50 බැගින් තෝරාගෙන මෙම මානසික සෞඛ්‍ය වැඩමුලු පවත්වන බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය ගයනි සිරිවර්ධන සඳහන් කළාය. මෑත කාලයේදී මීගමුව, මහර, පල්ලම්සේන, නව මැගසින් ආදී බන්ධනාගාර කීපයක රැඳවූවන් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීහු ද රැඳවූවෝ ද මියගියහ.
විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාර ගැටුමේදී රැදවූවන් සහ බන්ධනාගාර නිලධාරින් තිස් දෙනෙක් පමණ මිය යාමත් රුපියල් කෝටි 15 කට අධික දේපොළ විනාශයක්ද සිදු විය.
මෙම බන්ධනාගාරවල පවතින අභියෝගාත්මක හා පීඩාකාරී තත්ත්වයන් හමුවේ එම නිලධාරින්ගේ මානසික ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම සඳහා මෙම මානසික වෛද්‍ය වැඩමුළු පවත්වන බව ද එම විද්‍යායතනය සඳහන් කරයි.

