හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවයේ
14 March 2026
හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවයේ
14 March 2026
වර්තමානය වන විට හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එය සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයෙන් සියයට 30ක ප්‍රතිශතයක් වූවද සෞඛ්‍ය සේවාවට අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලොව පිළිගත් ප්‍රමිතීන් අනුව ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා තවත් හෙද හෙදියන් විශාල ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන අතර හෙද සේවාවට බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදය අනුගමනය කිරීමේ අවශ්‍යතාව පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
සිසු හෙද පුහුණුව සඳහා 2918 දෙනෙකු බඳවා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (14) පැවති උත්සවයට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කීය.
අද දිනයේ සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගත් මෙම පිරිස සේවයට ඇතුළත් වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ විශාල පරිවර්තනයක් සිදුව තිබෙනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

