පලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක්
02 September 2026
පලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක්
02 September 2026
පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.
ඒ යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු පලතුරු භෝග රක්ෂණය කර ගැනීමට ගොවීන්ට අවස්ථාව හිමි වේ.
මූලික රක්ෂිත මුදලින් සියයට 7ක මුදලක් වාරිකයක් ලෙස ගෙවීමෙන් මෙම රක්ෂණාවරණය ලබාගත හැකිය.
ස්වාභාවික විපත්, රෝග හා පළිබෝධ හානි, කෘමි හානි මෙන්ම වනඅලි හේතුවෙන් සිදුවන වගා හානි සඳහාද මෙම රක්ෂණාවරණය යටතේ ආවරණය හිමි වේ.
වගාවට හානි සිදුවීමකදී අක්කරයකට රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර වන්දි මුදලක් ලබාදීමට නියමිතය.
අවදානම කළමනාකරණය කිරීම තුළින් ගොවීන් වගාව කෙරෙහි රඳවා තබා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

