GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
05 September 2026
GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
05 September 2026
රථවාහන වැරදි සඳහා දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ ගෙවිය හැකි GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස්කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
GOV PAY හරහා ගෙවීමට වෙනත් කිසිඳු වෙබ් අඩවියක් නොමැති අතර එම මූල්‍ය වංචාවලට අසු නොවෙන ලෙසට පොලිසිය දැනුම්දෙයි.
රථවාහන වැරදි සඳහා GOV PAY ක්‍රමවේදය මගින් දඩ මුදල් ගෙවීම හඳුන්වාදුන්නේ මේ වසර මුලදීය.
ඒ, ජනතාවගේ කටයුතු පහසුකිරීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින්ය.
කෙසේවෙතත් GOV PAY හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කරමින් ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සූක්ෂ්මව සොරාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
එම ව්‍යාජ වෙබ් අඩවියේ සබැඳි, කෙටි පණිවුඩ සහ Whatsapp පණිවුඩ ලෙස ජංගම දුරකථනවලට එවා ජනතාවගේ මුදල් සොරාගැනීම මෙම ජාවාරමේදී සිදුවන බව සඳහන්වේ.
GOV PAY හරහා ගෙවීමට කිසිඳු වෙබ් අඩවියක් නොමැති බැවින් එම ව්‍යාජ මූල්‍ය වංචාවලට අසු නොවෙන ලෙසට රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ජනතාවට දැනුම් දුන්නේය.

