brand logo
logo
කැලණියේ රූපලාවණ්‍යාගාරයක කොල්ලයක්

කැලණියේ රූපලාවණ්‍යාගාරයක කොල්ලයක්

23 September 2026 | බිමල් ජයසිංහ--බන්ඩාරගම


කැලණිය , පෙතියාගොඩ, බියගම පාර දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි රූපලාවණ්‍යාගාරයට ඊ‍‍යේ(22) දහවල් එකවරම කඩා වැදි තිබූ පුද්ගලයකු තියුණු ආයුධයකින් රූපලාවන්‍යන ශිල්පිනියට පහරදී මරණීය තර්ජනය කර දණගස්වා ඇය පැළඳ සිටි රන්මාලය සහ පෙන්ඩනය ඇය ලවාම ගලවාගෙන ලාච්චුවේ තිබූ මුදල් රුපියල් ලක්ෂ 06 ක දේපළ කොල්ලකා පලාගිය සැකකරුවකු සොයා පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත

 

කොල්ලකා විනාඩි කිහිපයක් තුළදී පලා ගොස් ඇත.

 

කොල්ලකෑ දේපළ අතර ඇය පැළඳ සිටි රන් මාලය, පෙන්ඩනය සහ රුපියල් 58000/= ක මුදලක් වන බව පොලිසිය කියයි.


කොල්ලකරු රූපලාවන්‍යන ශිල්පිනියට තියුණු ආයුධයෙන් පහර දීමෙන් ඇයගේ මැණික් කටුව අසල තුවාල සිදුවී ඇති අතර පහර දීමට කොල්ලකරු යොදාගත් (පේපර් කටර්) තියුණු ආයුධය පහළ මහල අසල දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.


කොල්ලයට පැමිණි තීරෝද රථයේ ලියාපදිංචි අංකය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.  



 

More News..