brand logo
logo
දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයට

දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයට

01 February 2024

සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයේ බොරැල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයට අද (01) උදෑසන පැමිණ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.


‌‌ජෙනරාල් දයාරත්නායක සමගි ජන බලවේගයට එක් වූයේ පෙරේදා (31) පෙරවරුවේය.


ඊට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් ජෙනරාල් දයා රත්නායක දැඩි ලෙස විවේචනය කළේය.


එම විවේචනය සම්බන්ධයෙන් කලකිරීමට පත් වූ ජෙනරාල් දයා රත්නායක අද (01) උදෑසන මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණ එහි නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා "සමාවෙන්න" යනුවෙන් ප්‍රකාශ කර ඇත.


එම සාකච්ඡාවේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයේ පලවී තිබේ.


ඡායාරූප පහතින්,


 

More News..