brand logo
logo
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කරයි

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කරයි

03 November 2026


පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


එම සංවිධානය පැවසුවේ අද (03) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය.


අනතුරු ඇඟවීමේ මට්ටම 2 - ඇඟවීම (ඇම්බර්)

-------------------------------

බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල, හල්දුම්මුල්ල සහ හපුතලේ


මහනුවර දිස්ත්‍රික්කය - උඩුනුවර සහ උඩදුම්බර


මාතර දිස්ත්‍රික්කය- කොටපොල


නුවරඑළිය දිස්ත්‍රික්කය -නිල්දණ්ඩාහින්න


රත්නපුර දිස්ත්‍රික්කය- කලවාන සහ ගොඩකවෙල



අනතුරු ඇඟවීමේ මට්ටම 1 - නරඹන්න (කහ)

-------------------------------

බදුල්ල දිස්ත්‍රික්කය- වැලිමඩ, මීගහකිවුල, පස්සර සහ කන්දකැටිය


මහනුවර දිස්ත්‍රික්කය- දොළුව, තුම්පනේ, මැදදුම්බර, යටිනුවර, මිනිපේ සහ හතරලියද්ද


කෑගල්ල දිස්ත්‍රික්කය- අරණායක, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ කෑගල්ල


කුරුණෑගල දිස්ත්‍රික්කය-- රිදීගම සහ ඉබ්බාගමුව


මාතලේ දිස්ත්‍රික්කය- පල්ලෙපොල


නුවරඑළිය දිස්ත්‍රික්කය- කොත්මලේ බටහිර, අඹගමුව, හඟුරන්කෙත, වලපනේ සහ නොර්වුඩ්

 

More News..