Best News Website award
brand logo
logo
විමල්ට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි

විමල්ට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි

16 November 2026


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට නොවැම්බර් මස 30 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් යළි නොතීසි නියෝගයක් නිකුත් කර තිබේ.


හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අදාළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගයට එළඹ ඇත.


මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙරද විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කර තිබුණද, අදාළ දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එළඹෙන නොවැම්බර් 30 වන දින කරුණු දැක්වීම සඳහා මෙලෙස යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ

 

More News..