පුත්තලමේ ගොඩනැඟිල්ලක නාඳුනන පුද්ගල මළසිරුරක්
22 November 2026
පුත්තලමේ ගොඩනැඟිල්ලක නාඳුනන පුද්ගල මළසිරුරක්
22 November 2026
පුත්තලම, නාගවිල්ලුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් තුළ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.
එම පුද්ගලයා වයස අවුරුදු 60ත් 65ත් අතර පසුවන අයෙකු බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෘත දේහය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


