brand logo
logo
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකට

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකට

21 September 2026


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.


එම තීරණය ඉදිරියේ දී පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දීමට කථානායකවරයා කටයුතු කරනු ඇත.


අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


ඉන් අනතුරුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරුණු අතර, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම් විභාග කිරීමෙන් පසු පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අවසන් තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව ප්‍රකාශ කර තිබුණි.


මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඉදිරි 24 සහ 25 යන දිනයන්හිදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර තීරණය කරනු ලැබීය.

 

More News..