brand logo
logo
කහ සිලින්ඩරයට නඩු

කහ සිලින්ඩරයට නඩු

30 October 2026 | ඉෂාර රත්නකාර/ශිරාන් රණසිංහ / සිතාර ඉරාෂ් - වටවල


පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානොදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29 වැනිදා) නඩුවක් පවරා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 86 දරන විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයුම ලබානොදීමේ චෝදනාව මත එම අධිකාරිය විසින් අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණය හමුවේ එලෙස පවරා තිබේ.


එම නඩුව​ට අදාළව ලාෆ් ගෑස් සමාගමට සිතාසි නිකුත් කළ අධිකරණය අදාළ නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවීමටද නියෝග කළේය.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පැවරූ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ එලෙස කැඳවීමට නියමිතය.


මේ අතර මාසයක පමණ කාලයක සිට ලාෆ් ගෑස් මෙරට වෙළෙඳපොළේ නොමැති අතර මේ මොහොතේ එකදු ලාෆ් ගෑස් සිලින්ඩරයක්වත් සිය සමාගම සතුව නැතැයි ලාෆ් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ද සඳහන් කරයි.


මෙරට ලාෆ් ගෑස් සිලින්ඩර් ලක්ෂ හතර හාමාරක් පමණ මාසයකදී අලෙවි වන අතර මේ වනවිට ඇණවුම් කර ඇති ගෑස් නෞකා පැමිණෙන දිනයක් පැවසීමට නොහැකි බවද එම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අනාවරණය කළේය.


මේ අතර මෙම ලාෆ් ගෑස් හිඟය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් වෙත අධික ඉල්ලුමක් ඇති වූ බවත් මෙතෙක් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32000ක් මසකට වෙළෙඳපොළට මුදාහැරියද මේ වන විට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 40000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සිදුව ඇතැයි එහි සභාපති චන්න ගුණවර්ධන ‘අරුණ’ට පැවසීය.


මෙරට ගෑස් වෙළෙඳපොළ පංගුවෙන් සියයට අසූවක් (80%) ලිට්‍රෝ සමාගම විසින්ද ඉතිරි සියයට විස්ස (20%) ලාෆ් සමාගම මගින් ද සපුරනු ලබයි. තවද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ ලක්ෂ දහ අටක් මසකට අලෙවි වූ බවත් මේ වන විට එම සංඛ්‍යාවද වැඩි කිරීමට සිදුව ඇති බවත් සභාපාතිවරයා කියා සිටියේය.


මේ අතර කෙසේ වෙතත් සති දෙකකට පසුව පෙරේදා (28 වැනිදා) හැටන් කොටගල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා වෙත ගෑස් ලැබී තිබූ අතර එමගින් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩර් 140ක් පාරිභෝගිකයන්ට බෙදා දුන් බව කොටගල ලිටෝ ගෑස් අලෙවි නියෝජිතයා පැවසීය.

 

More News..