මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට වෙඩි තැබූ නිලධාරියාට මරණ තර්ජන
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට වෙඩි තැබූ නිලධාරියාට මරණ තර්ජන
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇතැයි වාර්තා වෙයි.
ඒ "තෝව අහුවුණොත් මරනවා. එළියෙදී අහුවෙන්න එපා, මරනවා" යනුවෙන්ය.
ඔහු මෙදින හටගත් හදිසි අවස්ථාවේ සේවයට වාර්තාකර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද වාර්තා වෙයි.
මේ අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට බන්ධනාගාර දොපර්තමේන්තුව විසින් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව සඳහන්ය.

