brand logo
logo
සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට

සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට

25 July 2026

වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට එක් කළ නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට පත්කිරීම ඊයේ(24) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


මෙහිදී වසර 25කට අධික කාලයක් පැරණි, අබලන් තත්ත්වයේ පැවති ප්‍රධාන උපකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කොට, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ජල ක්‍රීඩා සංකීර්ණයේ කාලක යන්ත්‍රය (Time Clock), නවීන ටච් පැඩ් (Touch Pad) පද්ධතිය, අති නවීන ඩිජිටල් ප්‍රදර්ශන පුවරුව (Display Board), ජාත්‍යන්තර ප්‍රමිතියේ ස්ටාටින් බ්ලොක්ස් (Starting Blocks) වැනි නවීන තාක්ෂණික උපකරණ මෙසේ ස්ථාපනය කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා විවෘත වුණි.


“මෙරට ජල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුකම් ලබාදීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බවද නිවැරදි කාල ගණනය සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පහසුකම් ඔස්සේ ඉදිරියේදී පැවැත්වෙන දෙස් විදෙස් තරගාවලි සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමට මෙම යටිතල පහසුකම් මනා පිටිවහලක් වෙන බවද මේ සදහා එක්වෙමින් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


මෙම විශේෂ අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති රංජිත් විමලරත්න මහතා, රාජ්‍ය නිලධාරීන්, ජල ක්‍රීඩා සංගම් නියෝජිතයින් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

More News..