ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
04 September 2026 | එෆ්. අස්ලම්
ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
04 September 2026 | එෆ්. අස්ලම්
වාහන පරික්ෂා කිරීම්වලදී ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පැවසීය.
සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්, රථවාහන අංශ ස්ථානාධිපතිවරුන් හා රථවාහන නිලධාරීන්ට රක්ෂණ බලපත්‍ර පරීක්ෂා කරන ආකාරය පැහැදිලිව දැනුවත් කර තිබියදී එම නියෝග හා උපදෙස් නොපිළිපැදීම ඔවුන් විසින් සිදුකරන බරපතළ රාජකාරී හැරීමක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
පාදුක්ක සහ ගම්පහ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ප්‍රතික්ෂේප කරමින් මහජනතාව පීඩාවට පත්කළ සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් එම නිලධාරින් සම්බන්ධයෙන් මේවනවිට පරික්ෂණ ආරම්භ කර තිබෙන බවත් හෙතෙම කීවේය.
පොලිස්පතිවරයා විසින් 2026 .05.05 වන දින අතිරේක පණිවුඩයක් මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති, මෙරට ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් මගින් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.
රියැදුරකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, පහත සඳහන් නොමිලේ සපයන ක්‍රමවේද ඔස්සේ රක්ෂණාවරණය සක්‍රියද නැද්ද යන්න තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ඇත.
*1338# ඇමතීමෙන් රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කර ක්ෂණිකව තොරතුරු ලබාගැනීමට හැකි බවද එමගින් වාහනයට අදාළ රක්ෂණයක් තිබේද නැතිද යන්න තහවුරු කරගත හැකි බවද කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ කිරීමට නොහැකි නම් 1338 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන එය තහවුරු කරගත හැකි බවද කීවේය.
යම්කිසි පොලිස් නිලධාරියකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

