කප්පම් ඉල්ලා මරණ තර්ජනය කිරීමට 19 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් අත්අඩංගුවට
05 November 2026
කප්පම් ඉල්ලා මරණ තර්ජනය කිරීමට 19 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් අත්අඩංගුවට
05 November 2026
කප්පම් වශයෙන් රු ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් ඊයේ (04) හබරාදූව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේදී දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙම කප්පම ඉල්ලා ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 සහ 19 වයස්වල පසුවන උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම සැකකරුවන් එම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් මෙම දුරකථන ඇමතුම් ලබාදී මෙලෙස කප්පම් මුදල් ඉල්ලා ඇති බවට විමර්ශන මඟින් අනාවරණය වි ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

