Best News Website award
brand logo
logo
 පාකිස්ථානය පරදා යොවුන් ආසියානු ශූරතාව ඉන්දියාවට

පාකිස්ථානය පරදා යොවුන් ආසියානු ශූරතාව ඉන්දියාවට

14 November 2026


වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.


ඒ, පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තියුණු තරගයකින් අනතුරුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය තහවුරු කරගනිමිනි.


තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 337ක් රැස් කිරීමට සමත්විය.


ඒ අනුව ලකුණු 338ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට එම ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.


තරගයේ අවසන් පන්දුවාරය වන විට ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබූ අතර, ඒ වන විට කඩුලු 9ක් ද දැවී ගොස් තිබිණි.


කෙසේ වෙතත්, අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි මොහිත් උල්වා අවසන් පන්දුවට එල්ල කළ විශිෂ්ට හතරේ පහරත් සමඟ ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.


එහිදී මොහිත් උල්වා පන්දු 26කින් නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර, චිගුරුපති සුභාෂ් පන්දු 8කින් නොදැවී ලකුණු 11ක් ලබා ගත්තේය.


ඒ අනුව තියුණු සටනකින් අනතුරුව පාකිස්ථානය පරාජය කරමින් යොවුන් ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත්විය.

 

More News..