brand logo
logo
 බන්ධනාගාර බස් රථයක් වීඩියෝ කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

බන්ධනාගාර බස් රථයක් වීඩියෝ කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

31 July 2026

උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ බන්ධනාගාර බස් රථයක්, සිය ජංගම දුරකථනයෙන් රහසිගතව වීඩියෝ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට උඩුගම පොලීසිය පියවර ගෙන තිබේ.


අදාළ කාන්තාව උඩුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටිමින්, ජංගම දුරකථනය සඟවාගෙන මෙම වීඩියෝගත කිරීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරිය, කිසියම් සංවිධානාත්මක අපරාධයක් සැලසුම් කිරීමේ හෝ සිදු කිරීමේ අරමුණින් මෙම පටිගත කිරීම කළේද යන්න පිළිබඳව පොලීසිය දැඩි අවධානය යොමු කරමින් පරීක්ෂණ මෙහෙයවයි.


වැඩිදුරටත් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, මෙම කාන්තාවගේ පුත්‍රයෙකුද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට ලක්ව දැනට චෝදනා ලබා සිටින අයෙකි.


අත්අඩංගුවට ගත් සැකකාරිය උඩුගම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන අගෝස්තු මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..