ප්‍රදේශ කිහිපයකට පැය 48ක ජල කප්පාදුවක්
06 October 2026
ප්‍රදේශ කිහිපයකට පැය 48ක ජල කප්පාදුවක්
06 October 2026
කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට අද (06) සිට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට අද පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවීම සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පලකර සිටින අතර, ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසද මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

