brand logo
logo
නීතිඥ කබාය දමා ගත් ව්‍යවසායක දිලිත් ජයවීර මුහුණු පොතේ තැබූ අමුතු සටහන

නීතිඥ කබාය දමා ගත් ව්‍යවසායක දිලිත් ජයවීර මුහුණු පොතේ තැබූ අමුතු සටහන

08 September 2026

අදටත් මගේ අම්මා සිතන්නේ මා නීතිඥ වෘත්තියේම නිරත විය යුතුව තිබූ බවයි. හිටපු පාසල් විදුහල්පතිනියක වූ ඇය, සාම්ප්‍රදායික වෘත්තීන් ගෞරවනීය ලෙස සැලකූ නමුත් ව්‍යාපාර (businesses) දෙස යම් සැකයකින් බැලූ පරම්පරාවකට අයත් වූවාය. මා කොපමණ දේ ගොඩනැඟුවද, මා ව්‍යවසායකයකු වීම පිළිබඳව ආඩම්බර වීමට ඇය තවමත් අපහසුතාවක් දක්වන්නීය. එය ඇයගේ පෞද්ගලික ආකල්පයක් පමණක් නොවේ , එය අපේ රටේ පරම්පරා ගණනාවක් පුරා මුල්බැසගත් ජාතික මානසිකත්වයක පිළිබිඹුවකි.


අපගේ අධ්‍යාපන ක්‍රමය දරුවන්ට උගන්වා ඇත්තේ ගෞරවනීය රැකියාවක් සොයාගැනීමට මිස, ව්‍යවසායන් ගොඩනඟා ධනය නිර්මාණය කරමින් අන් අයට රැකියා සහ අවස්ථා බිහිකිරීමට නොවේ. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නම්, ව්‍යවසායකත්වය තවදුරටත් දෙවැනි පෙළ වෘත්තියක් ලෙස නොසැලකිය යුතුය. ව්‍යවසායකයා ජාතිය ගොඩනඟන්නකු ලෙස පිළිගත යුතුය

 

More News..