ශ්රී ලංකාව සහ එංගලන්තය අද තරග බිමේ
22 October 2026
ශ්රී ලංකාව සහ එංගලන්තය අද තරග බිමේ
22 October 2026
ශ්රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය අතර පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව තරග වදින දෙවැනි තරගය අද (22 වැනිදා) එංගලන්තය සමගින් රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට කණ්ඩායම් දෙකම තමන් තරග වැදුණු පළමු තරග පරාජයට පත්ව සිටීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශයින් වැදගත් වේ.
කණ්ඩායම් දෙක අතර මින් පෙර පැවැති අවසන් එක්දින තරග 5න් එක් තරගයක් පමණක් ශ්රී ලංකාව ජයගෙන සිටින අතර එංගලන්තයට ඉතිරි තරග 4ම ජය හිමිව ඇත. එසේම දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයේදී ශ්රී ලංකාවට ලකුණු 223ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය. ඒ අනුව සිය පෙර වැරැදි නිවැරැදි කරගැනීමේ අපේක්ෂාව සහිතව ශ්රී ලංකාව මෙම තරගයට පිවිසෙනු ඇත. මෙම තරගාවලියේ පැවැති තරගවලදී ශ්රී ලංකා මුල් පෙළ අසාර්ථක වුවද, මැද පෙළ පිතිකරුවන් සාර්ථකත්වයට පත් වූ අතර එංගලන්තයේ මුල් පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත්තද මැද පෙළ පිතිකරුවන්ට සාර්ථකවීමට අවකාශ නොලැබිණි. එම තරග දෙකේදීම පාකිස්තානය මන්දගාමී ආරම්භයක් ලබාගත්තද, ලකුණු 300ට වැඩි ලකුණු සංඛ්යාවක් සිය ලකුණු පුවරුවට එක්කිරීමට ඔවුහු සමත් වූහ. එසේම එම තරග දෙකම පාකිස්තානය ප්රථමයෙන් පන්දුවට පහරදෙමින් ජයගැනීමද විශේෂත්වයකි. එහිදී ප්රථම තරගය ශ්රී ලංකාව ලකුණු 37කින් පරාජයට පත් වූ අතර දෙවැනි තරගය එංගලන්තය ලකුණු 87ක පරාජයක් ලැබීය.
තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

