සිසුවියගේ ඔෙඩාක්කුවට දුරකතන අංකය විසිකළ පෙම්වතා පොලිසියට භාරදීලා
05 October 2026 | ලක්ඛ්ත විද්‍යසේකර- කළුතර
සිසුවියගේ ඔෙඩාක්කුවට දුරකතන අංකය විසිකළ පෙම්වතා පොලිසියට භාරදීලා
05 October 2026 | ලක්ඛ්ත විද්‍යසේකර- කළුතර
ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියකි.ඉකුත් 29 වැනිදා ඇය පාසල ඇරී බස් රථයකින් නිවස බලා යමින් සිටියාය . ඇය සිටි අසුනේම තවත් පුද්ගලයකු හිඳ ගත් අතර ඔහු හිතා මතාම තමාව තෙරපන බව ඇයට හැඟුනේය.
ඇය බසයෙන් බැසීමට සූදානම්ව සිටියදී ඔහු තම දුරකථන අංකය ලියූ කොළ කැබැල්ලක් ඇයගේ ඔඩොක්කුවට දැමුවේය. එය විසි කර දැමීමට මුලදී සිතුවද පසුව එම තීරණය වෙනස් කළ ඇය එම කොළ කැබැල්ල ගෙන ගොස් තම පියාට දුන්නාය.
පියා කෝපයෙන් කෑ ගැසුවද මව ඊට දිය හැකි වෙනස්ම විසඳුමක් යෝජනා කළාය . ඒ අනුව ඇය දුව කතා කරන ආකාරයට " පෙම්වතාට " ආදර බසින් කතා කළාය.පසුව කතිකා කර ගත්තේ ඔක්තෝබර් 02 වැනිදා කළුතර ප්‍රධාන බස් නැවතුම්පොලේ කිරි හල අසලදී හමු වන්නටය .
නියමිත වේලාවට " පෙම්වතා" පැමිණ සිටියේය. දැරිය එහි ගොස් සිටියේ තම පියා සහ මාමලා දෙදෙනකු සමගය. දැරිය "පෙම්වතා " දුටු සැණින් හඳුනාගෙන ඔහු ළඟට ගියාය. ප්‍රීතියෙන් පිනා ගිය පෙම්වතා ඇයගේ අතින් අල්ලා ගත්තාය .ඉන්පසු " කෝච්චියෙන් බණ්ඩාරගමට යමු " කියා දකුණු කළුතර දුම්රිය ස්ථානය දෙසට ඇයව කැඳවාගෙන ගියේය .සිදු වන දේ ඉවසීමෙන් බලා සිටි පියා හා මාමලා දෙදෙනාද ඔවුන් පසු පස මද දුරක් ගියෝය .ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් සිටි පියාත් මාමලා දෙදෙනාත් දෙනෝ දාහක් බලා සිටියදී සැණින් පැන "පෙම්වතා " අල්ලා ගත්තේය . ඉන්පසු දකුණු කළුතර පොලිසියට ගෙන ගොස් භාර දුන්හ.
මොහු බණ්ඩාරගම, කිම්මන්තුඩාවේ පදිංචි 43 හැවිරිදි විවාහකයකු බවත්, සේරුපිට සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක භටයකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවූ අතර ඔහු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
දැරිය විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගල්ලස්ස ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර , ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක දංවත්ත සහ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

