කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
04 August 2026
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
04 August 2026
ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.
ඊයේ (03) පැවැති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළීම හේතුවෙන්, ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ලබාදුන් නිර්දේශයන්ට යටත්ව, අද පෙරවරු 6.00 සිට අදාළ මාර්ග කොටසෙහි ගමනාගමන කටයුතු යළි ආරම්භ කළ බව පොලීසිය සඳහන් කළේය.

