ජනපතිගේ රුව සහිත ව්‍යාජ 5,000 නෝට්ටුව සැකසූ සැකකරු රිමාන්ඩ්
05 November 2024
ජනපතිගේ රුව සහිත ව්‍යාජ 5,000 නෝට්ටුව සැකසූ සැකකරු රිමාන්ඩ්
05 November 2024
ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු නොවැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ඒ බව පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙකි.