බංග්ලාදේශට ජය
05 July 2025
බංග්ලාදේශට ජය
05 July 2025
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම 16 ලකුණු කින් පරාජයට පත් කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වේස් හුසේන් එමොන් ලකුණු 67ක් රැස් කළ අතර ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ක් රැස්කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 03 දවාගත්තේය.