අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්
13 February 2026
අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්
13 February 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (13) පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අමෙරිකානු කණ්ඩායම ආරාධනා කළේය.
අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 197ක ඉලක්කයක් හඹායමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණී.
ඒ අනුව අමෙරිකානු කණ්ඩායම ලකුණු 93ක ජයක් හිමිවිය.

