අද ලෝක මරණ දණ්ඩන විරෝධී දිනයයි
10 October 2026
අද ලෝක මරණ දණ්ඩන විරෝධී දිනයයි
10 October 2026
මරණ දණ්ඩනයෙන් තොර ලෝකයක් බිහිකිරීමේ අවශ්‍යතාව යළි අවධාරණය කරමින් ලෝක මරණ දණ්ඩන විරෝධී දිනය අදට (10) යෙදී තිබේ.
සෑම වසරකම ඔක්තෝබර් 10 වැනිදාට යෙදෙන මෙම දිනය මගින් යුක්තිය, මානව ගෞරවය සහ අපරාධ සඳහා දඬුවම් ලබාදීමේ ක්‍රමවේද පිළිබඳව ගෝලීය අවධානය යොමු කෙරේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ මරණ දණ්ඩනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම හෝ එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා ලොව පුරා රටවල් රැසක් පියවර ගෙන ඇති බවයි.
මරණ දණ්ඩනය අපරාධ වැළැක්වීමට හෝ වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටු කිරීමට අත්‍යවශ්‍ය විසඳුමක් නොවන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එය අහෝසි කිරීමේ වැදගත්කම ද අවධාරණය කරයි.
මරණ දණ්ඩනය නීතියෙන් තවමත් ඉවත් කර නොමැති වුවද, එය ක්‍රියාත්මක නොකරන රටවල් ද ගෝලීය වශයෙන් දක්නට ලැබේ .
ලාඕසයේ දශක තුනකට වැඩි කාලයක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර නොමැති අතර, ලෙබනනය 2026 අගෝස්තු මාසයේදී මරණ දණ්ඩනය අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.
සිම්බාබ්වේ 2024දී සහ ඝානාව 2023දී ද එම දඬුවම අහෝසි කළ රටවල් අතරට එක්වුණි.

