Best News Website award
brand logo
logo
බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් වර්ධනය වීමේ අවදානමක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් වර්ධනය වීමේ අවදානමක්

29 November 2026


දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව අද (29) දිනයේදී පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


මෙහි බලපෑම හේතුවෙන් නොවැම්බර් මස 30 වැනිදා වන විට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ, ඊට යාබද අන්දමන් සහ නිකොබර් දූපත් ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතී.


එමෙන්ම, එළඹෙන දෙසැම්බර් 02 වැනිදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් දක්වා පත්වීමේ ස්වභාවයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

More News..