brand logo
logo
හේනේගමදී බස්-යතුරුපැදි ගැටුමෙන් තරුණ අඹුසැමි යුවළක් මරුට

හේනේගමදී බස්-යතුරුපැදි ගැටුමෙන් තරුණ අඹුසැමි යුවළක් මරුට

09 October 2026


ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ 26 වැනි වියෙහි පසු වූ ගිහාන් යන්දිල් රාජපක්ෂ ඔහුගේ බිරිය වූ 21 වැනි වියේ පසු වූ නදීසා තේජා නමැති තරුණ යුවළකි.


මොවුන් සිය රැකියා ස්ථානය කරා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි අද පෙරවරු 7.00 පමණ මෙම අනතුර සිදු තිබේ.


කිරිඳිවැල ඩිපෝවට අයත් බව කියන ලංගම බස් රථය ගම්පහ දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය කර ඇති අතර යතුරු පැදිය ගම්පහ දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

 

More News..