නුවරඑළියේ හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණයක්
29 August 2026
නුවරඑළියේ හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණයක්
29 August 2026
නුවරඑළියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජල පෝශක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (28) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදි මෙම තීරණය ගනු ලැබීය.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පරිසරය හා ජල පෝෂක කලාප සුරැකීමට කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර ඒ අනුව මෙම ගැසට් කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙහි දී නුවරඑළිය සංචාරක කලාපයේ පිහිටි හෝටල් සහ සෙසු ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම නිසි ක්‍රමවේදයකට අනුව කඩිනම් කිරීම මෙන් ම එමෙන්ම අපජලය විධිමත්ව බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීමට අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීමට ද උපදෙස් ලබා දී තිබේ.
මෙම කමිටු රැස්වීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය නගරාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආච්චි ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ද දිස්ත්‍රික් ලේකම්වරිය, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්විය.
ජල පෝෂක ප්‍රදේශ සුරැකීම තුළින් නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවම කර ගැනීමත්, නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීමත් සහතික කිරීම සඳහාත් රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් පරිසර හා සංවර්ධන ගැටලු කඩිනමින් විසඳීමට මෙහිදී පියවර ගැනුණු අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිසරික අනන්‍යතාව රැකගනිමින් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට ද හිතකර, සුරක්ෂිත හා පරිසර හිතකාමී නුවරඑළියක් බිහිකිරීම සඳහා වන සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කරන බවට පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

