ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා ධනාත්මක ප්‍රතිචාරයක්
05 July 2025
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා ධනාත්මක ප්‍රතිචාරයක්
05 July 2025
අමෙරිකාව ඉදිරිපත් කළ ගාසා තීරයේ නව සටන් විරාම ගිවිසුමක සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් බව හමාස් සංවිධානය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ගිවිසුමට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධ යෝජනා ද ඇතුළත් වන බවයි.
ඒ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා වටයකට එළඹීමට සූදානම් බව හමාද් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ජ්‍යෙෂ්ඨ පලස්තීන නිලධාරියෙකු BBC පුවත් සේවයට පවසා ඇත්තේ, සාකච්ඡා අසාර්ථක වුවහොත් ප්‍රහාර නැවත ආරම්භ නොකරන
බවට අමෙරිකාවෙන් හමාස් සංවිධානය ඉල්ලා ඇති බවයි.
තවත් සංශෝධන කිහිපයක්ද ඊට ඇතුළත්.
ඊශ්‍රායලය හා අමෙරිකානු පාර්ශවවලින් මේ වනතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ.