brand logo
logo
 නායයාම් රතු නිවේදන ඉවතට

නායයාම් රතු නිවේදන ඉවතට

05 August 2026


පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


ඒ අනුව, මහනුවර, කෑගල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත්කළ නායයාමේ රතු නිවේදන ඉවත් කර තිබේ.


මෙම නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (05) පෙරවරු 9.00 සිට හෙට (06) පෙරවරු 9.00 දක්වා වලංගු වේ.


අනතුරු ඇඟවීමේ මට්ටම 2 – "අවදානයෙන් සිටින්න" (ඇම්බර්)


මහනුවර දිස්ත්‍රික්කය – උඩපළාත, දොළුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ සහ උඩුදුම්බර.


කෑගල්ල දිස්ත්‍රික්කය – අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට.


නුවරඑළිය දිස්ත්‍රික්කය – නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ් සහ තලවකැලේ.


රත්නපුර දිස්ත්‍රික්කය – ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර.


අනතුරු ඇඟවීමේ මට්ටම 1 – "විමසිලිමත් වන්න" (කහ)


කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල.


නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරන්කෙත.


රත්නපුර දිස්ත්‍රික්කය – නිවිතිගල සහ කුරුවිට.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවදානම් ප්‍රදේශවල ජනතාවට නායයාම් පිළිබඳ පූර්ව ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දෙයි.

 

More News..