ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
27 July 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
27 July 2026
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා කර තිබේ.
ඒ අනුව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් 5%කින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන් වී තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් අඩුවී ඇති අතර එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 92.02කි.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 9.44%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙසද සටහන් වී තිබේ.

