brand logo
logo
පෙට්‍රල්, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්

පෙට්‍රල්, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්

11 August 2026

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) මිල දී ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.


ඒ අනුව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.


 

More News..