පැන්ෂන් ජේලර්ලා යළි සේවයට
21 February 2026 | වරුණි පෙරමුණ
පැන්ෂන් ජේලර්ලා යළි සේවයට
21 February 2026 | වරුණි පෙරමුණ
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා සිරකරුවන් වෙනත් ස්ථානවල රඳවා තැබීමට සූදානම් වීමත් සමග වයස අවුරුදු හැටපහට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරින් සියයක් (100) යළි සේවයට කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම නව රැඳවුම් ස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවතීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර නිලධාරින්ගේ අවශ්‍යතාව මතුව තිබේ.
එම තත්ත්වය මත මෙම බඳවා ගැනීම් සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ සතිඅග ‘අරුණ’ට ප්‍රකාශ කළේය. ඒ අනුව පළමු පෙළ ජේලර්, දෙවැනි පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක තනතුරු සඳහා එලෙස කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම් සිදුකරනු ඇත. මේවනවිට බන්ධනාගාර තුළ සිරකරුවන් හතළිස්දහසක් ඇති අතර නිලධාරින් 10350 ක් සිටියි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

