මාස හතරකදී 16 ට අඩු දැරියන් 486 ක් දූෂණයට
24 June 2026 | •වරුණි පෙරමුණ
මාස හතරකදී 16 ට අඩු දැරියන් 486 ක් දූෂණයට
24 June 2026 | •වරුණි පෙරමුණ
මේ වසරේ ගත වූ මාස හතරක කාලය තුළ වයස අවුරුදු දහසයට අඩු දැරියන් හාරසිය අසුහයදෙනකු (486 ) කැමැත්තෙන් සහ බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බව අනාවරණය වෙයි .
පසුගිය ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී මෙම අපරාධ වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
එසේම මෙම කාලය තුළදී කාන්තාවන් සහ ළමුන්හට සිදුව ඇති අපරාධ සම්බන්ධ සිදුවීම් එක්දහස් හාරසිය දහතුනක් වාර්තා වී ඇත.
එම සිදුවීම් අතර බරපතළ තුවාල කිරීම් විසිහයක් (26) , අපහරණයන්ට ලක්වීමේ සිදුවීම් දෙසිය එකොළහක් (211) , ස්ත්‍රි දුෂණ සිදුවීම් පන්සිය තුනක් (503 ) , බරපතළ ලිංගික අපයෝජන එකසිය අසූහතක් (187 ) ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත් අමාත්‍යවරිය කියා සිටියාය .
මේවනවිට ළමුන් සහ කාන්තාවන්ට අපරාධ සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ මෙම අපරාධ මුලිනුපුටා ගැනීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බවය.
මෙම අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද පවතින බවත් එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය .

