අයහපත් කාලගුණයෙන් හැටන් අධිකරණයේ නඩු කටයුතුවලට බාධා
04 August 2026
අයහපත් කාලගුණයෙන් හැටන් අධිකරණයේ නඩු කටයුතුවලට බාධා
04 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හැටන් දිසා අධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (04) දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු ලබන 11 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලයට, නඩු කටයුතු සඳහා සහභාගී වන පොලිස් නිලධාරීන්ට සහ අදාළ පාර්ශ්වකරුවන්ට අධිකරණයට පැමිණීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
එම අධිකරණවල සේවය කරන නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරුන් විසින් නඩු වෙනත් දිනයකට කල් තැබීමට පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

