මව්ආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
19 November 2026
මව්ආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
19 November 2026
වලවේ ගංගා ද්‍රෝණියේ මව්ආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මේ වන විට තත්පරයට ඝන අඩි 1500කට අධික ජල ප්‍රමාණයක් මව් ආර වෙත මුදාහැරෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වයත් සමඟ වලවේ ගඟ ආශ්‍රිත පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.
විශේෂයෙන්ම වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශ මගින් වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන නිවේදන හා උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) විසින් අවධාරණය කරනු ලැබේ.


