brand logo
logo
ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අත්අඩංගුවට

ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අත්අඩංගුවට

17 September 2026


නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ සිදුවීමකට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.


1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන මෙන්ම 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශයන්ද උල්ලංඝනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල පටිපාටියෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අය කරගැනීමකින් තොරව නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.


අල්ලස් කොමිසම සඳහන් කළේ අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

More News..