brand logo
logo
බොරතෙල් මිල යළිත් ඉහළට

බොරතෙල් මිල යළිත් ඉහළට

12 August 2026

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇතිවීමේ බලාපොරොත්තු සුන්වීම සහ මැදපෙරදිග නැව්වලට ප්‍රහාර එල්ල වීම නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබේ.


ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.63 දක්වාත්, ඇමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 83.91 දක්වාත් ඉහළ ගියේය.


අමෙරිකාව තමන්ගේ කොන්දේසි පිළිගන්නා තෙක් හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා තබන බව ඉරානය පවසයි. 


යුද්ධයට පෙර දිනකට නැව් 125-140 අතර ප්‍රමාණයක් ගමන් කළ මෙම මාර්ගයේ දැන් ගමන් කරන්නේ නැව් 6ක් වැනි ඉතා අඩු සංඛ්‍යාවකි.


අමෙරිකානු පෙට්‍රෝලියම් ආයතනයේ (API) දත්තවලට අනුව අමෙරිකාවේ බොරතෙල් තොග බැරල් මිලියන 9.1කින් ඉහළ ගොස් ඇත.


මැදපෙරදිග තෙල් සැපයුමට එල්ල වී ඇති මෙම බාධාවන් 2027 වසර අග දක්වාම පැවතිය හැකි බවට අම‍ෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) අනතුරු අඟවයි.

 

More News..