brand logo
logo
වියළි කාලගුණය හමුවේ පවුල් 24,144කට තවදුරටත් පානීය ජලය බෙදා හරියි

වියළි කාලගුණය හමුවේ පවුල් 24,144කට තවදුරටත් පානීය ජලය බෙදා හරියි

28 August 2026


පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්ක 7 හි පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545ක් පීඩාවට පත්ව ඇති බවය.


මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටද එම මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.


ඒ අනුව පවුල් 24,144ට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකුට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


මේ අතරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 11,074කට අයත් පවුල් 35,639කට පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.


මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,253ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823කට අයත් පුද්ගලයින් 8,847ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683ක පුද්ගලයින් 2,646, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 79ක් සඳහා පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවත් සඳහන් වේ.

 

More News..