brand logo
logo
යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජය ඉන්දියාවට

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජය ඉන්දියාවට

06 February 2026

ඉන්දියාව අද (06) 6 වැනි වරටත් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්විය.


ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත 19න් පහළ කණ්ඩායම ලකුණු 100කින් පරාජය කරමිනි.


තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 411ක් රැස් කළේය.


ඒ අනුව තරගය ජය ගැනීම සඳහා එංගලන්ත 19න් පහළ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 412කි.


කෙසේවෙතත් පන්දුවාර 40යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්ත යොවුන් පිලට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 311ක් පමණි.

 

More News..