උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
19 July 2026
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
19 July 2026
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය අද (19) පස්වරු 5.00ට නිකුත් කර ඇති අතර, එය හෙට (20) දිනය සඳහා වලංගු වේ.
ඒ අනුව, නැගෙනහිර පළාතට මෙන්ම කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය මිනිස් සිරුරට “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් අධික උණුසුමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

