brand logo
logo
සුරේෂ් සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබාදෙන ලෙසට අධිකරණයෙන් නියෝග

සුරේෂ් සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබාදෙන ලෙසට අධිකරණයෙන් නියෝග

01 July 2026


හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස නියෝග කර තිබේ.


කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.


සුරේෂ් සලේ මහතාව පසුගිය පෙබරවාරි මස 25 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


ඉන් අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ඇරඹීය.


එම අතරවාරයේ, තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළේය.


එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වූ අතර, පසුගිය ජුනි මස 27 වන දින හෘදයාබාධ රෝගී තත්ත්වයකට ද මුහුණපෑවේය.


ඒ අනුව සුරේෂ් සලේ මහතා ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට අතුළත් කළ අතර මේ වන විවටත් හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

More News..