කොළ පාට අංක තහඩුවලට මහමග රණ්ඩු
07 September 2026 | එෆ්. අස්ලම්
කොළ පාට අංක තහඩුවලට මහමග රණ්ඩු
07 September 2026 | එෆ්. අස්ලම්
විද්‍යුත් වාහන සඳහා කොළ පැහැ අංක තහඩු මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත් එය නිසි පරිදි පොලිසිය ඇතුළු කොළ පාට සෙසු ආයතන වෙත දැනුම් නොදීම මත වාහන හිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම් නිර්මාණය වී තිබේ.
අදාළ තීරණය ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ නොකිරීම, පොලිස් නිලධාරීන් සඳහා නිසි අන්දමින් ඊට අදාළ මාර්ගෝපදේශ හා නියෝග දැනුවත් නොකිරීම හා ඉහළ පොලිස් නිලධාරීන් විසින් සෙසු නිලධාරීන්ව ඒ ගැන දැනුවත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
මෙපමණ කාලයක් වාහන සඳහා අංක තහඩු නිකුත් කෙරුණේ සුදු සහ කහ පසුබිමේ කලු වර්ණයෙන් වන අතර විද්‍යුත් වාහන ලියාපදිංචිය සමග එම ඛණ්ඩයේ වාහන සඳහා කොළ පසුබිම සුදු වශයෙන් මුද්‍රණය කර ඇත.
මේ වනවිට ගොඩගැසී ඇති ලක්ෂ සංඛ්‍යාත අංක තහඩු මුද්‍රණය වෙමින් පවතින අතර මුද්‍රණය කළ අංක තහඩු ද හිමිකරුවන් වෙත බෙදාහැරීම ද සිදුවෙමින් පවතී.
කෙසේ වෙතත් මෝටර් වාහන පනත යටතේ විද්‍යුත් වාහන අංක තහඩු පිළිගත නොහැකි බව පවසමින් බොහෝ පොලිස් ස්ථානවල නිලධාරීහු එම වාහන හිමිකරුවන්ට දඩ සහ නඩු පැවරීම් සිදුකිරීම මත එය ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් පොලිස් රථවාහන මූලස්ථානය විද්‍යුත් වාහන අංක තහඩු සඳහා ඇති උපදෙස් හා නියෝග සියලුම පොලිස් ස්ථානවලට ලබාදී ඇති බවද මේ අනුව ඉදිරියේදී එම වාහන හිමියන්ට අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති නොවන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකු සඳහන් කළේය.

