ලොව පුරා බිඳවැටුණු Microsoft සේවාවන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව එම සමාගම පවසයි
13 November 2026
ලොව පුරා බිඳවැටුණු Microsoft සේවාවන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව එම සමාගම පවසයි
13 November 2026
ලොව පුරා දහස් සංඛ්‍යාත පරිශීලකයින්ට බලපා ඇති Microsoft සේවා බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව එම සමාගම පවසයි.
කෙසේවෙතත් අදාළ සේවාවන්හි වරින්වර ගැටලු මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නොවැම්බර් 12 වැනිදා අමෙරිකාවේ වේලාවෙන් ආරම්භ වූ මෙම බිඳවැටීම හේතුවෙන් ලොව පුරා පරිශීලකයින්ට විද්‍යුත් තැපැල් සේවා වෙත පිවිසීමේදී මෙන්ම පණිවිඩ යැවීමේදී සහ ලැබීමේදී ද බාධා එල්ල වූ බව සඳහන්ය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සේවා බිඳවැටීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන Downdetector වෙබ් අඩවියට පැයක පමණ කාලයක් තුළ රටවල් සහ ප්‍රදේශ 74කින් ගැටලු වාර්තා වී ඇති බවය.
එමෙන්ම බිඳවැටීමේ ඉහළම අවස්ථාවේදී Outlook සේවාව සම්බන්ධයෙන් පැමිණිලි 140,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.
මෙම බිඳවැටීම අමෙරිකාව ඇතුළු යුරෝපයේ, ආසියාවේ සහ ඔස්ට්‍රේලියාවේ පරිශීලකයින්ට ද බලපෑම් එල්ල කර තිබේ.
Microsoft සමාගම සඳහන් කර ඇත්තේ සිය පද්ධතිවල ඇති වූ අධික තදබදය හේතුවෙන් සම්බන්ධතා ගැටලු මතුව ඇති බවය.